(සුජිත් මංගල ද සිල්වා)
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එකසත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ ඒකාබද්ධ විපක්ෂයේ ද සහය ඇතිව පරිමේන්තුවට අද (20) ඉදිරිපත් කිරීමට නියමිත තිබූ විශ්වාස භංග යෝජනාව මේ වන තුරුත් කතානායක කරු ජයසුරිය මහතා වෙත ඉදිරිපත් කර නොමැත.
මේ සම්බන්ධයෙන් වැඩි දුරටත් කරුණු සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තුවේදී අද (20) උදේ 11.00 ට එක්බද්ධ විපක්ෂයේ විශේෂ රස්වීමක් පැවතී නමුත් ඊට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වී නොමැත.
දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංගය අද (20) ඉදිරිපත් කිරීමට නොහැකි තත්ත්වයක් තිබෙන බව ගම්පහ දිස්ත්‍රික් ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා එහිදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමට දැනුම් දී ඇති බවය.
කෙසේ නමුත් එම විශ්වාස භංගය ඉදිරිපත් කරන දින වකවානු හෝ එහි ප්‍රගතිය හෝ අසාර්ථක භාවය හෝ පිළිබඳව මෙහිදී ප්‍රසන්න රණතුංග මහතා කිසිවක් දැනුම් දී නොමැති අතර කිසිවකු ඒ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා ද කර නොමැත.
ඊට හේතුව සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භංග යෝජනාවට අදාළ නවතම තොරතුරු රැසක් “lankanewswweek” ඉදිරියේදී හෙළි කරනු ඇත.
Lanka Newsweek © 2026